13 දෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු පිපිරීම

Indonesia Bomb Blast
By Sewvandhi Dec 24, 2023 02:24 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක හටගත් පිපිරීමකින් එහි සේවකයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

චීන සමාගමට අයත් අදාළ කර්මාන්තශාලාවේ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය පිරිස අතර ඉන්දුනීසියානු ජාතකයින් 8 දෙනෙකු සහ චීන ජාතිකයින් 5 දෙනෙකු වන බව සඳහන්ය.

අලුත්වැඩියා කටයුත්තක් අතරතුර පිපිරීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පිපිරීමත් සමඟ හටගත් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.