දිවයිනේ ප්‍රධාන රෝහල් 10ක් වැඩ වර්ජනයක් අරඹයි - එම රෝහල් 10 මෙන්න..

Colombo Hospital Colombo National Hospital Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines
By Sewvandhi Apr 01, 2024 11:24 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, හෙට දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

එම වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව හෙට වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් පහතින්,

ශ්‍රී ලංකා ජාතික රෝහල,
කරාපිටිය ශික්ෂණ රෝහල,
යාපනය ශික්ෂණ රෝහල,
මඩකලපුව ශික්ෂණ රෝහල,
පේරාදෙණිය ශික්ෂණ රෝහල,
ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,
කෑගල්ල මහ රෝහල,
පොළොන්නරුව මහ රෝහල,
මන්නාරම මූලික රෝහල,
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,