කෝටි 05ක රත්රන් හමු වේ..

Sri Lanka
By krishani Aug 27, 2022 05:25 AM GMT
Report

රුපියල් කෝටි 5 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ ය.

අද (27) අලුයම මෙම පුද්ගලයා ප්‍රංශයේ සිට පැමිණි යානයකින් මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ගමන් මළු කිහිපයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර තිබේ.

එහි සූක්ෂ්ම ලෙස මෙම රත්‍රං තොගය සඟවා තිබියදි රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join