හැම පිරිමියෙක්ම ගැහැණියකට ගරු කල යුතුයි, සුදු අය විතරක් නෙවෙයි අපිත් ලස්සනයි-යුරේනි නොෂිකා (PHOTOS)

Gossip Today
By Sithumi Feb 03, 2023 04:09 PM GMT
Report


අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඉතින් ඇය හඬ කැවීමෙන් දායක වන ගජමෑන් චිත්‍රපටය මේ දිනවල රිදී තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින් වෙත දිග හැරෙනවා. ඉ

තින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් තමන්ට ජයගන්න ඕනෑ නම්, ජීවිතයේ ඉලක්ක හඹායෑමට අවශ්‍ය නම්, ජීවිතයේ සුන්දරත්වය විඳින්න ඕනෑ නම් තමන් තමන්ට ආදරය කරන්න ඕන කියලයි යුරේනි කියන්නේ. ඒ වගේම තමන්ට තමන් ආදරය කරනවා කියන දෙය තුළ තමන්ගෙ ශරීර ස්වරූපයට ආදරය කිරීමත් ඇතුළත් වෙනවා කියලත් ඇය කියනවා

. ඉතින් තමන්ගෙ කෙස්ගහේ පටන් ඇස් දෙක දක්වා හැමදෙයටම ආදරය කරමින් තමන්ව පිළිගන්න ඕනේ වුනත් අවාසනාවකට මාකටින් හරහා මිනිසුන්ගේ මනස වෙනස් අද කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. මොකද දකුණු ආසියාතික රටවල ලොකු මතයක් තිබෙනවා සුදු වුණොත් විතරයි ලස්සන කියලා

. ඉතින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය මේ හැම රටකටම මේ දෙය පොදුයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඒක මොළයට කාවද්දලා තිබෙන නිසා හැමෝම සිතනවාලු සුදු වුණොත් තමයි ලස්සන. ඉතින් මේ දේවල් කරන අයට ඇය කියන්නේ තමන්ට කන්ෆිඩන්ට් දෙය විතරක් කරන්න කියලා. මොකද ඇය සුදු වෙන්න ඕන කියන දෙය හෙළා දකින්නේ නැති නිසා. නමුත් කෙනෙක්ට තමුන්ව ඒ ආකාරයටම පිළිඅරගෙන ඒ ආකාරයටම ආදරය කරන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලත් ඇය කියනවා.

ඉතින් ඇය විශ්වාස කරන දෙයක් තමයිලු සෑම පිරිමියෙක්ම ගැහැනියකට ගරු කළ යුතුයි කියන දේ. ඒ වගේම ගැහැනියත් ඒ ආකාරයටම පිරිමියාට ගරු කළ යුතුයි කියන තැන තමයිලු ඇය ඉන්නේ. ඉතින් ඇය කිසිම විටෙක පිරිමියෙක් පහතට දාන්න කැමති නැති වුනත් දිය යුතු ස්ථානය, සම අයිතිය ලැබෙන්න ඕන කියන තැන ඇය හිටගන්නවා කියලයි යුරේනි කියන්නේ.

හැබැයි කාන්තාවට මේ අයුරින් සම අයිතිය ලැබෙන විට පිරිමියාව හෑල්ලුවට ලක්විය යුතුයි කියන තැන ඇය නැහැ කියලත් යුරේනි කියනවා. ඉතින් ගැහැනු පිරිමි භේදයකින් දෙයකින් තොරව ඒ ගරුත්වය, අයිතිවාසිකම් ජීවත්ව සිටින කෙටිකාලය තුළ සමසේ භුක්ති විඳිමු කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.