යුපුන්ගෙන් තවත් වාර්තාවක්.

By krishani May 08, 2023 07:09 AM GMT
Report

ඉතාලියේ පැවැති ෆයර්න්ස් ස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරගාවලියේ දී මීටර් 200 තත්පර 20.37 (+0.1m/s) වාර්තා කරමින් ආසියාවේ වේගවත්ම කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් තවත් ජාතික වාර්තාවක් තැබීය.

මේ අතර, පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ යුපුන් අබේකෝන් ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මෙන්ම මීළඟ 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට දැනටමත් සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පැවසුවේ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර යුපුන් අබේකෝන් දැක් වූ මෙම දස්කම පිළිබඳව සෑහීමකට පත්වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join