මෙරට තරුණයින් පිරිසකට සුබම සුබ ආරංචියක්..දැන්ම වැඩේ පටන්ගන්න.
කිරි ගොවියන්ට සුභ ආරංචියක් ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් 1181ක් ද, වයඹ පළාතෙන් 513ක්, උතුරුමැද පළාතෙන් 442ක්, ඌව පළාතෙන් 816ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 40ක් හා මුලතිව් කිරි ගොවියන් 8ක් වශයෙන් කිරි ගොවියන් 3000 තෝරා ගෙන තිබේ.
මිල්කෝ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ එක් කිරි ගවයකුගේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් දෙකකින් ඉහළ නැංවීමට අපේක්ෂිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අතර තරුණ කිරි ගොවියන් දහසක් තෝරා ගෙන ඔවුන්ගේ කිරි ව්‍යාපෘති යෝජනා අනුව රුපියල් ලක්ෂ පහක් දක්වා ණය මුදල් ලබා දීමටත්, එම ණය මුදල් යොදා ගෙන සාර්ථකව කිරි ගව පාලනය සිදුකරන තරුණ කිරි ගොවි ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය දියුණු කර ගැනිමට මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමටත් අපේක්ෂිත බව වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |