පරවියන් මරා පුළුස්සා ආහාරයට ගනිමින් tik tok වීඩියෝ සැදු තරුණයෝ..වීඩියෝ පරවි අයිති කාරයටත් යවලා..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 29, 2023 11:41 AM GMT
Report

පොලීසිය විසින්, විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

වට්ස්ඇප් ඔස්සේ සැකකරුවන් විසින් අදාළ වීඩියෝව පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුණි.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙනි. අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුගිය 26 වනදා අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා මෙම ක්‍රියාව සිදුකර තිබේ.

හෙට (30) සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් ය. සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now