ඔබට ලොතරැයි දිනුමක් කියලා එන පණිවිඩ ගැන අනතුරු ඇඟවීමක්.

Sri Lanka
By Wayomi Feb 28, 2023 10:49 AM GMT
Report

ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට සඳහන් කරමින් දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණොත් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දෙනවා .

ඔවුන් පවසන්න, ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසයි.

ඒ, අනුව මුදල් තැන්පත් කළ / තැන්පත් කරන ලෙස පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල තිර පිටපත් (Screen Shots) සමඟ මුදල් බුද්ධි ඒකකයට යොමු කරන ලෙස දැනුම් දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW