ලොකු කුඩා කාටත් හැදෙන "ක්‍රිමි රෝග" නොසලකා හැරියොත් මොකද වෙන්නේ?

World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi May 17, 2022 04:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමහරුන්ට තියෙනවා එක එක විදිහේ ගායවල්.වැඩිපුරම තියෙන්නේ පොඩි උන්ට. හැබැයි මේ කියන්න යන්නේ ලොකු පොඩි භේදයකින් තොරව හා,හැමෝටම හැදෙන පණු ගාය ගැනයි. එහෙමත් නැත්නම් පණු රෝග. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පණු රෝග කියන දේ සතපහකට ගණන් ගන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න සාමන්‍ය තත්වයෙන් තිබුණත් පණු රෝග නිසා ජීවිත අවධානම් පවා ඇතිවිය හැකි බව.

පණු රෝග හැදෙන්නේ කොහොමද?

පණුවන් සිරුර තුළට ඇතුල්වන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර සමඟ පණු බිත්තර ආහාර මාර්ගය ඇතුළට ගැනීම. අනිත් එක තමයි සම සිදුරු කර විශේෂයෙන් යටි පතුලේ සම සිදුරු කර ශරීරයට ඇතුළු වී පෙණහලු හරහා ආහාර මාර්ගයට ඇතුළු වීම.

ඇති විය හැකි පණු රෝග වර්ග සහ රෝග ලක්ෂණ

ක්‍රිමි ආසාදනයකදී ( ආයුර්වේදයේ පණුවන් ක්‍රිමින් ලෙස හඳුන්වයි.)

- උණ

- ශරීරයේ පැහැය වෙනස් වෙන්නත් පුළුවන්.

- වේදනාව - උදරයේ වේදනාව

- හෘදයේ වේදනාව

- ඇඟපත අප්‍රාණික බව

- කරකැවිල්ල

- ආහාර අරුචිය හෝ ආහාර සඳහා නොකමැත්ත

- අතීසාරය  (මල බුරුලින් පිටවීම වැනි ලක්‍ෂණ ) 


කිරි පණු ආසාදනයක ලක්‍ෂණ

බහුලම ආසාදන රෝග තත්ත්වයක් තමයි කිරිපණු රෝගය. ආසාදනය වූ අයගේ අන්ත්‍රවල මෙන්ම ගුදය ආශ්‍රිතව වැඩෙන කිරි පණුවන් ආසාදනයෙන්,

- කිරි පණුවා රාත්‍රි කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම

- නින්ද අඩුවීම (රාත්‍රියට කැසීම හේතුවෙන්)

- මුත්‍රා පිටකිරීමේදී ඇති වන වේදනාව (කිරි පණු ආසාදනයකදී මෙම ලක්‍ෂණයද බහුල වශයෙන් ඇති වෙනවා)

- ශරීරයේ බර අඩුවීම - ආහාර අරුචිය

- වරින් වර ඇතිවන උදරයේ වේදනා


වට පණු ආසාදනයක ලක්‍ෂණ

වට පණුවා ගැඩවිල් පණුවෙක්ගේ හැඩයෙන් යුක්තයි.

- අතීසාරය හෙවත් ද්‍රව මල අධික වශයෙන් පිටවීම

- මල සහ වමනය සමග වට පණුවන් පිටවීම

- උණ සමඟ එන වියළි කැස්ස (සාමාන්‍යයෙන් වට පණු බිත්තර ආසාදනයෙන් දින 4-16 කට පමණ පසුව ඇති වෙයි)

- උදර වේදනාව

- ඔක්කාරය

- ශරීරයේ බර අඩුවීම


කොකු පණු ආසාදනයක ලක්‍ෂණ

මෙය ප්‍රධාන ලෙසම බෝ වෙන්නේ, කොකු පණු බිත්තර ආසාදිත පස් ස්පර්ශ වීමෙන්. කොකු පණුවා අන්ත්‍රවල එල්ලී ජීවත් වන අතර එතනින් රුධිරය උරා බොයි. ඒ නිසා කොකු පණු රෝගයෙන් පෙළෙන අයට රක්තහීනතාවය ඇති වෙනවා. මතක තියාගන්න මුලින්ම මීට ප්‍රතිකාර නොගත්තොත් ආසාද්‍ය වී මරණය පවා ඇති විය හැකියි.

- කැස්ස

- හතිය/හුස්ම ගැනීමේ අපහසුව (විශේෂයෙන් කොකු පණු කීටයන් පෙණහැලිවල ගත කරන කාලයේදී මේ තත්වය ඇති වෙයි)

- රක්තහීනතාව හෙවත් ලේ අඩුකම (රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පහළ යාම)

- නිතර දැනෙන මහන්සිය

- උදරයේ වේදනා

- ඔක්කාරය

- මළ සමඟ රුධිරය පිටවීම

- ආහාර අරුචිය

- කැසීම සහිත දද වැනි ලක්‍ෂණ ද ඇතිවීම


පටි පණු ආසාදනයක ලක්‍ෂණ

පටියක් ආකාරයෙන් දිස්වන මේ පණුවන් ඇතැම් විට අඩි 15-30 ප්‍රමාණයට වැඩීමට පුළුවන්.

- ඔක්කාරය හා වමනය

- ආහාර අරුචිය ඇතැම් විට අධිකව ආහාර ගැනීම

- බර අඩුවීම

- කාමලා (Jaundice) රෝග තත්තවය (ඇස්වල, නිය හා සමෙහි (විශේෂයෙන්) අත්ලවල කහ පැහය)

- ශරීරය දුර්වල වීම

- විටමින් ඌනතා

- උදර වේදනා


ප්‍රතිකාර

එක බැගින් දිනකට දෙවරක් දින 3 ක්. සඳහා ගන්නා 100mg පෙති වර්ගයක් තියෙනවා. ඒ වගේම එකවර එක පෙත්තක් පමණක් ලෙස ගතහැකි 500mg පෙත්තක්ද තියෙනවා. හැබැයි වයස අවුරුදු 2 ට අඩු දරුවන්ට මෙම බෙහෙත් වර්ගය සුදුසු නැහැ.

මෙම පෙති පාවිච්චි කරන විට ආහාරපාන වලින් ප්‍රවේසම් විය යුතුද?

ඉස්සර නම් සමහර නොදියුණු පණු බෙහෙත් වර්ගවලින් ඇතිවන ප්‍රතික්‍රියා නිසා ඒවා ගන්නා වෛද්‍යවරු විසින් විට ආහාරවලින් හා නෑම ආදියෙන් ප්‍රවේසම් වීමට උපදෙස් දෙනවා. ඒත් අද වන විට පවතින පණු බෙහෙත් වර්ග ඉතා දියුණු, ශරීරයට අහිතකර නොවන ඒවා ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම පණු බෙහෙත් ගන්නා විට විශේෂ ආහාර පාලනයක් නෑමෙන් වැළකීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. මතක ඇතිව පුළුවන් තරම උත්සහ කරන්න වෛද්‍ය උපදෙස් මත ලබාගන්න.


මාස 03 කට වරක් පණු බෙහෙත් ගැනීම අනිවාර්යයිද?

එහෙම නීතියක් නැහැ. පුරුද්දක් විදිහට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පණු බෙහෙත් ලබා දී සති 2 -3 පසුව නැවත පණු බෙහෙත් ලබාදීම හෝ නොදී ඔබගේ පණු අමාරුව අනුව වෛද්‍යවරයා විසින් තීරණය කරන්නේ. හැබැයි පණු රෝග ලක්ෂණ ආයෙත් මතු වෙනවා නම් බෙහෙත් ගන්න.

සැ.යු :- සනීපාරක්ෂක කටයුතු නිසිලෙස පවත්වාගෙන නොගන්න, ගෙදරට පිටින් ආපනශාලා වලින් ආහාර ලබාගන්න අයට පණු ආසාදන වැඩි වෙන්න පුළුවන් වගේම පණු බෙහෙත් නිරන්තරයෙන් ගැනීම වැදගත් ( වෛද්‍ය උපදෙස් මත ලබාගන්න.)


පණු රෝග පාලනය කරගන්නේ කොහොමද?

- එළවළු, පළතුරු පණු බිත්තරවලින් ආසාදනය වී තියෙන්න පුළුවන්. ඒ නිසා අමුවෙන් හෝ අර්ධ වශයෙන් පිස ආහාරයට දෙන එළවළුවලින් මෙන්ම නිසි හෝ නොසේදූ එළවළු පළතුරුවලින් ආහාරයට ගැනීමෙන් වළකින්න

- එළිමහනේ හෝ පිට්ටනිවල සෙල්ලම් කරන විට පණු හෝ පණු බිත්තර ආසාදිත පස් හෝ දූවිලි අතපත ගෑමෙන් විශේෂයෙන් දරුවන්ට පණුවන් ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන් හෝ ඔවුන්ගේ මල ද්‍රව්‍ය ස්පර්ශ වීමෙන්ද ආසාදන ඇති විය හැකියි. ඒ නිසා මෙවැනි අවස්ථා වලන් පසු අත්, කකුල් හොඳින් සෝදා පිරිසිදු කරගැනීම වැදගත්.

- ඇඳ ඇතිරිලි තුවා සියලු දේ සෝදා පිරිසුදු කිරීම හැකිනම් නටන වතුරේ දමා තම්බා ගන්න. විශේෂයෙන් යට ඇඳුම්. - පවුලේ සාමාජිකයන් සෑම දෙනා එකම දිනයක දී පණු බෙහෙත් ලබා ගන්න.