දිවි රැකදෙයි- වයසට යාම පාලනය කරයි. අසීමිත ගුණ ඇති ලොව හොඳම ධාන්‍ය වර්ගය කාලා තියෙනවද?

Healthy Food Recipes
By Wayomi Jan 28, 2023 11:27 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සෞඛ්‍ය සම්පන්න ධාන්‍ය වර්ග අතර ඉහළ පෝෂණ ගුණයක් තියෙන ධාන්‍ය වර්ගයක් තමයි මෙනේරි කියන්නේ. හැබැයි දැන් නම් මේවා අපේ ආහාර රටාවෙන් ගිලිහි ගිහිල්ලා. හැබැයි සතියකට සැරයක්වත් ආහාරයට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබ හරි වාසනාවන්තයි.මොකද මෙනේරි වලින් ලැබෙන ගුණ ඒ තරමටම අසීමාන්තිකයි.

මෙනේරි ආහාරයට ගන්නා ආකාරය

🟢 මේ මෙනේරි බොහෝදෙනෙක් ආහාරයට ගන්නේ කැඳ වශයෙන්.

🟢 පොත්ත ඉවත් කරගත් ඇටවලින් මේ කැඳ සකස් කර ගන්නට පුළුවන්.

🟢 ඒ වගේම මෙනේරිවලින් ඉතා රසවත්ව කිරිබත් පවා පිළියෙළ කර ගන්න පුළුවන්.

🟢 ඒ විතරක්ම නෙවෙයි මෙනේරි බත් විදිහට අරගෙන කට්ට සම්බෝල සමඟ හරිම රසවත්.

🟢 මේවාගෙන් කේක් , කුකීස් පොප් කෝන් හදනවා වගේම තිරිඟු පිටි සමඟ මිශ්‍ර කිරීමටත් මෙනේරි භාවිතා කරන්න පුළුවන්.  


මෙනේරි කැඳ හදාගන්න විදිහ

🟢 මෙනේරි කැඳ මුලින්ම මෙනේරි ඇට ටික වේලාවක් පෙගෙන්නට දමන්න.

🟢 ඉන්පසුව හොදින් සෝදා වතුර ස්වල්පයක් දමා තම්බා ගන්න.

🟢 මෙනේරි ඇට තැම්බුණු පසුව එයට පොල් කිරි එකතු කර නටවා ගන්න.

🟢 ඉන්පසු එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර කිතුල් හකුරු සමඟ රස බලන්න.   


මෙනේරි වල අදහාගත නොහැකි ගුණ

🟢 මෙනේරිවල ග්ලයිසමික් දර්ශකය අඩු වන අතර ඒවායේ තන්තු සහ පිෂ්ඨය නොමැති පොලිසැකරයිඩ් අඩංගු වෙනවා. මෙය රුධිරගත සීනි මට්ටම නිසි පරිදි පවත්වා ගන්නට දායක වන නිසා දියවැඩියා රෝගීන්ට මෙනේරි ඉතාම ගුණදායක ධාන්‍ය වර්ගයක්.

🟢 හෘද සෞඛ්‍ය යහපත් කරයි. තන්තු බහුල ආහාරයක් වන නිසාවෙන් එය හදවත ලෙඩ කරවන නරක කොලෙස්ටරෝල් අඩු කරන අතර හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නට විශාල දායකත්වයක් ලබාදෙනවා. හෘදයාබාධ ඇතිවීමේ අවදානමත් බොහෝදුරට අඩු කරන්නට මෙනෙරිවලට හැකියාව ලැබී ඇත්තේ එහි අඩංගු වැදගත් ඛනිජයක් වන මැග්නීසියම් හේතුවෙන්.

🟢 පොලිෆීනෝලෝල් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන මෙනේරි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩුයි.

🟢 මෙනේරිවල අඩංගු වෙන ටැනින්, ෆයිටේට් ෆීනෝලික් අම්ලය තන්තු ආදිය පිළිකා සෛල වර්ධනය වීම වළක්වනු ලබනවා. ඒ විතරක් නොවෙයි පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරයි.

🟢 ආහාර ජීර්ණය පහසු කරයි.

🟢 මල බද්ධය වළක්වයි.

🟢 ආමාශ ආන්ත්‍රික රෝග ඇතිවීමේ අවස්ථා අඩු කරයි.

🟢 බඩවැල්වල හිතකර බැක්ටීරියා වැඩි කිරීම සඳහා කටයුතු කරන එය බඩවැල්වල නීරෝගීභාවයට හේතුවෙයි.

🟢 මුත්‍රා ආසාදන සුවපත් කරයි.

🟢 මුත්‍රා ගල් දිය කරන්නට උදව් වෙයි.

🟢 ශක්තිය වඩවයි.

🟢 දරු ප්‍රසූතිය පහසු කරවයි.

🟢 අමිල පිත්ත රෝගීන්ට ගුණදායකයි.

🟢 වයසට යාම පාලනය කරයි.

🟢 ශරීරයේ ඇති විෂ ඉවත් කර විෂබීජහරණය සඳහා උපකාරී වෙයි.

🟢 තුවාල ඉක්මනින් සුව කරන්නට උපකාරී වෙයි.

🟢 ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් සමන්විත මෙනේරි පටකවලට හානි සිදුවීම වළක්වා, තුවාල ඉක්මනින් සුව කරන්නට

🟢 උත්තේජනයක් ඇති කරනු ලබනවා.

🟢 වේදනාශක ගුණය සහ උණ අඩු කිරීමේ ගුණයෙන් සමන්විතයි.

🟢 බර අඩු කරයි.

🟢 රුධිර පීඩනය යහපත්ව පවත්වා ගැනීම උපකාරී වෙයි.

🟢 දුර්වල ප්‍රතිශක්තියක් ඇති වැඩිහිටියන්ට සහ ළමුන්ට හිතකරයි.

🟢 අක්මාව ආරක්ෂා කරයි.

🟢 ස්නායු පද්ධතිය රැකදෙයි.

🟢 කුඩා දරුවන්ගේ බර වැඩි කරයි.

🟢 අග්න්‍යාශ රෝග, ධමනි සිහින් වීම හා හෘදවාහිනී ආශ්‍රිත රෝගවලින් පෙළෙන අයට ඉතාම සුදුසුයි.

🟢 අස්ථි, පටක, දත්, හිසකෙස් සඳහා ගුණදායකයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW