ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන කියන අලුත්ම හෙළිදරව්ව..

Sri Lanka World Bank
By krishani Jan 11, 2023 07:10 AM GMT
Report

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද "Global Economic Prospects 2023" නම් වාර්තාවෙහි ඒ සම්බන්ධයෙන් දක්වා ඇති අතර දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව ද එහි ඇත.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2%කින් පමණ පහළ ගොස් ඇති බවත්  විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගලා ඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණි බවත් බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවත් එහි දැක් වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join