තෙල් සේවකයින් ගැන දැඩි තීරණයක් ගනී..!
ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා සිදුකරන ලද වෘත්තීය සමිති නායකයින් සහ ඊට සහාය ලබාදුන් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන තිබුණ අතර ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්තය ට ඇතුළු වීම ද තහනම්.
එලෙස අනිවාර්ය නිවාඩු යැවූ පිරිසෙහි නාම ලේඛනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ පිරිස අතරට ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, විශ්‍රාමික ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු වන අශෝක රන්වල සහ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සහ එහි ලේකම් ජයන්ත පරේගම යන මහත්වරුන්ද අයත්ය.
මෙලෙස යම් සේවකයෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් පසු එදින සිට ඔහුට හිමි වැටුප අත්හිටුවන අතර ඔහුට චෝදනා පත්‍රයක් භාරදී ඊට අදාළව පරීක්ෂණයක් සිදුකිරීම ආයතනික ක්‍රමවේදය වෙයි.
එම පරීක්ෂණයෙන් අදාළ සේවකයා වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුට සිය රැකියාව අහිමි වනු ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
"අපිට විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ මේ වෘත්තීය සමිතිවල බොහෝදෙනෙක් විශාල වරප්‍රසාද ගත්තා. වෘත්තීය සමිති නායකයින්ට වෙන් කරලා තිබුණා නිල වාහන 04ක්. අසීමිත ඉන්ධන කෝටාවන් තිබුණා. නමුත් පසුගිය මාසයේ ඒ සියලුම රථවාහන අපි ලබාගත්තා. මේවත් ඔවුන්ට තිබෙන ප්‍රශ්න වෙන්න පුළුවන්."
මෙවැනි පසුබිමක ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර සිය වැඩවර්ජනය ඉදිරියට කරගෙන යාමට එහිදී තීරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |