ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි අංශයේ සේවකයන් දැඩි අවදානමක. - ආසාදන තත්වයන්ද ඉහළට.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් විවිධ ආසාදනවලට ගොදුරු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඒ, ක්ෂුද්‍රජීවවේදී අංශයේ ජීවානුහරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වී වසරක කාලයක් ගත වීම නිසා ජීවානුහරණය නොකිරීමෙන්.
මේ හේතුවෙන් මෙම අංශයේ සේවය කරන සේවකයන් දෙදෙනකු "මිලිය වෝසිස්" රෝගය ආසාදනය වී රෝහල් ගත කර තිබෙනවා.
ඒ පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (02) ලිපියක් ද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ එම ලිපියට අනුව අදාළ ක්ෂුද්‍රජීවි අංශයෙහි ජීවානුහරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරියා විසින් ඒ පිළිබඳව ක්ෂුද්‍රජීවවේදඥවරියව දැනුවත් කර ඇති නමුත් කිසිදු විසඳුමක් ලබාදී නැහැ.
එමෙන්ම තත්ත්වය එසේ තිබියදී ආරක්ෂිත ක්‍රමවේදයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙස ජීවානුහරණයෙන් තොරව ආසාදිත ක්ෂුද්‍රජීව වගාවන් පිරිසිදු කරන ලෙස සේවකයන්ට නියෝග කොට ඇති බව ද එහි සඳහන්.
මීට අමතරව සමස්ත රෝහලේම ආසාදන පාලන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, ව්‍යාධිවේද අංශයෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙසත් අදාළ ක්ෂුද්‍රජීවවේදඥවරිය සිය රාජකාරිමය වගකීම පැහැර හැර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල ලිපියෙන් පේනවා දෙනවා.
ඉන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, එම ක්ෂුද්‍රජීවවේදඥවරිය විසින් අනවශ්‍ය ලෙස සාමාන්‍ය පරිපාලනයට අත පොවමින් අත්‍යවශ්‍ය තාක්ෂණික පරිපාලන උපදේශන ක්‍රියාවලිය නොසලකා තිබීම පිළිබඳව මීට පෙර වතාවන් කිහිපයකදීම රෝහල් පරිපාලනයට කරුණු දක්වා ඇතත්, එවන් කරුණු මගහැර තිබීමද මෙවන් ගැටලු ඇතිවීමට හේතුවක් බවට විශ්වාස කරන බවයි.
ඒ, අනුව එම කරුණුද සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ලිපිය මඟින් ඉල්ලීමක් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |