දරුවන් බලා සිටියදී මවක් ගඟට පැන්න ඛේදනීය පුවත

By Sithumi Feb 26, 2023 03:41 PM GMT
Report

මාස 18ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා බෙන්තර ගඟට පැන ඇති කාන්තාවක්ව බේරාගෙන තිබෙනවා.

එම කාන්තාව අද (26) පස්වරුවේ බෙන්තර පාළමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලීසිය පැවසුවා.

ඒ අසල රැඳීසිටී ජලක්‍රීඩා කරන තරුණයකු විසින් ඇයව බේරාගෙන තිබෙන්නේ එම කාන්තාව ජලයේ ගසාගෙන යමින් සිටියදී බලංගොඩ, ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ඇල්පිටිය, ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වෙන බවද වාර්තා වනවා.