අතිශය කාන්තාවන්ට පමණයි..විශේෂයෙන් තරුණියන් මේ ගැන ලැජ්ජ වෙන්න එපා..

Ministry of Health Sri Lanka
By Aruna Jan 16, 2023 05:07 AM GMT
Report

මෙය කාන්තාවන්ට අතිශය වැදගත් කාරණාවක්. නමුත් බොහෝ විට කතුන් මේ ගැන ඒ හැටි ගැඹුරින් හිතන්නේ නෑ.

එය සාමාන්‍ය තත්ත්වයක් කියලයි හිතන්නේ. “මොකක්ද මේ කාන්තාවන්ට අදාළ අතිශය වැදගත් දේ?” කියලා ඔබ සිතාවි.

ඒ තමයි පියයුරුවල යම් ගැටිත්තක් ආ විට ඒ ගැන ඒ හැටි අවධානයට නොගැනීම.

විශේෂයෙන් දරුවන් බිහිකරන වයසේ සහ වයස්ගත කාන්තාවන් මින් විශේෂයි.

ඒ හැටි ගණන් නොගෙන ගිය බොහෝ අවස්ථාවල මේ ගැටිත්ත “පිළිකාවක් වුණොත් කොහොමද?”

කියලා ඔබ සිහිනෙකින්වත් නොසිතන්න ඇති.

ඒ නිසා නිතරම ඔබේ පියයුරු ගැන අවධානයෙන් සිටිය යුතු වන අතර, යම් සැකයක් ආවේ නම් නිසි වෛද්‍යවරයකුට පවසා පරීක්‍ෂා කරගෙන එහි ඇත්ත දැනගත යුතුයි.

බොහෝ අය සඟවන්නේ, පස්සට දාන්නේ පියයුරු පරීක්‍ෂාව පිරිමි වෛද්‍යවරයකු ළඟට ගිහින් කරගන්න වේය කියා හිතන නිසයි.

එහෙත් කාන්තා වෛද්‍යවරු මේ විෂයෙහි දැනුවත්ව බොහෝ විට සිටිනවා.

විද්‍යා දැනුම පොහොසත්ව තිබෙන කාලයක ප්‍රතිකාර තිබියදී, දියුණු පරීක්‍ෂණ තිබියදී ඇයි ඔබ අකාලයේ මියයන්නේ?

පියයුරුවල යම් රෝගී තත්ත්වයක් තියෙනවා නම් එය හඳුනාගත හැකි අවස්ථා කිහිපයක්ම තියෙනවා. පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක්.

වේදනාකාරී හා වේදනාකාරී නොවන පියයුරු ගැටිති තියෙනවා.

එසේම ඔසප් චක්‍රය අනුව වෙනස් වන සහ එසේ නොවන පියයුරුවල වේදනා ගෙනදෙන තත්ත්වයකුත් තියෙනවා.

තවත් අවස්ථාවක් තමයි තනපුඩුවලින් කිසියම් ස්‍රාවයක් ගැලීම හෝ තනපුඩුවේ හැඩය වෙනස් වීම.

එසේ වෙනස් වූ තත්ත්වයක් තියේ නම් කල් නෑර විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුමයි.

තත්ත්වය නොසඟවා කියන්න ඕනෑ. වෛද්‍යවරයා එවිට ඔබව සායනික පරීක්‍ෂාවකට ලක් කළ යුතුයි.

එපමණක් නොවෙයි, විකිරණවේදී පරීක්‍ෂාවකුත් කරන්න පුළුවන්.

ඕනෑම නම් වයස අවුරුදු 35ට අඩු අයට නම් අල්ට්‍රා සවුන්ඩ් පරීක්‍ෂාවක් මඟින් තත්ත්වය දැන ගන්නවා.

තවත් අවස්ථාවක් තමයි පටකවේදී පරීක්‍ෂාව. එය ඉතා නිවැරදි පරීක්‍ෂා ක්‍රමයක්.

එන්නත් කටුවක් ආධාරයෙන් පටක ලබාගන්නත්, ශල්‍යකර්මයක් මඟින් පටක ලබා ගන්නටත් වෛද්‍යවරයා තීරණය කළ යුතු වෙනවා.

පිළිකාමය නොවන, කාලයත් සමඟ ක්‍රමයෙන් විශාල වන පියයුරු තුළ චංචල ස්වභාවයක් ගන්නා “ෆයිබ්රෝ ඇඩ්නෝ” තත්ත්වය ප්‍රමාණයේ තත්ත්වය මත ශල්‍යකර්මයකිනුත් ඉවත් කර දමන්නට පුළුවන.

“ෆයිබ්රෝ ඇඩ්නෝනිස්” නම් තත්ත්වයට අනුව පියයුරු දෙකේම එකවර ඇති වෙන්නටත් පුළුවනි.

එය රෝගී තත්ත්වයක්. සිරුරේ සිද්ධවෙන හෝමෝන වෙනස්වීම් සහ ඔසප් චක්‍රය අනුව සිදුවෙන්නකි.

පියයුරු තුළ පිරුණු ගැටිති ඇතිවී ඔසප් වීම ආසන්නයේදී විශාල වේදනා ඇති කරනවා. මෙය හානිකරවූ තත්ත්වයක් නම් නොවෙයි.

නමුත් සෙසු පියයුරු ගැටිතිවලින් වෙන්කර හඳුනාගැනීම අපහසු වෙනවා. ඒ නිසා පරීක්‍ෂණයක් කළ යුතුමයි.

අනෙක් තත්ත්වය තමයි පියයුරේ ඇතිවන සැරව ගෙඩි. මේවාද ඉතා වේදනා ගෙන දෙනවා. ඒ තැන්වල ඉදිමීම් වෙනවා. රතු වෙනවා. උණ ඇති වෙනවා.

තෙහෙට්ටුව ඇති කරනවා. එවැනි තත්ත්වයකදී නියම වෛද්‍යවරයා කරන්නේ ඔෟෂධ නියම කර සැරව ගෙඩිය පළා එතැන ශුද්ධ කිරීමයි.

ග්‍රන්ථි නාළ අවහිරවීම් නිසා ඉදිමීම් තත්ත්වයක් ඇතිවෙන රෝගී අවස්ථාවකුත් තියෙනවා.

එතැනදී වන්නේ තනපුඩුවෙන් කොළ පැහැයට හුරු ස්‍රාවයක් ගැලීමයි.

මෙයත් පියයුරු පිළිකා තත්ත්වයෙන් ඉතා හොඳින් වෙන්කර හඳුනාගත යුතුයි.

ඊට ප්‍රතිජීවක ඔෟෂධ හා සැත්කම් මඟින් ප්‍රතිකාර තියෙනවා. තනපුඩුව මත දදයක් වගේ ඇතිවෙන්නත් බැරි නැහැ.

එහිදී තනපුඩුව හා ඒ අවට ප්‍රදේශය කැසීමකට ලක් වෙන්න පුළුවන්.

එය උග්‍ර වූ විට දදයක ස්වභාවය මතු කරනවා. මෙය ඇත්තෙන්ම බොහෝ විට ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ගේ පියයුරුවල ඇතිවන දෙයක්.

මීට ප්‍රති අසාත්මිකතා වගේම ප්‍රතිජීවක හා දිලීර නාශක ඔසු නියම කරනවා.

කොහොම වුණත් ඔබේ පියයුරු ගැන ඔබ මීටත් වඩා විමසිලිමත් විය යුතුය.

නිතර එය පිරිමැද හොඳින් ගැටිති තිබේ දැයි පරීක්‍ෂා කර බැලිය යුතුයි.

ඒ නිසා මරණයෙන් කෙළවර වන පියයුරු ගැටිතිවලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now