ලෝක සහ ලංකා ඉතිහාසයේ පලමු වතාවට සිදුවන දෙයක් විමල් හෙළිකරයි..

Sri Lanka Political Udaya gammanpila Wimal weerawansha Jathika nidahas peramuna Yudaganawi agreement Wasudeewa
By Aruna Dec 12, 2021 10:51 PM GMT
Report

යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බව අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කැබිනට් පත‍්‍රිකාවකට විරුද්ධව අමාත්‍යවරුන් තිදෙනෙකු අධිකරණයකට හමුවට ඉදිරිපත් වන්නේ ලෝක ඉතිහාසයේත් ලංකා ඉතිහාසයේත් පළමු වතාවට බවද ඔහු පැවසීය.

අදාළ ගිවිසුම මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් තමන් ද ඊට නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

එම ගිවිසුමේ රටට අහිතකර කරුනු ඇති බවත් ඉදිරි අධිකරණ ක්‍රියාවලියේ දී ඒවා සාකච්ඡාවට බඳුන්වන ඇති බව ඔහු තව දුරටත් පැවසීය.

කොළඹ පැවති උත්සව අවස්ථාවක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now