විමල් වීරවංශ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක්..

Wimal Weerawansa Sri Lanka
By krishani Mar 13, 2023 06:52 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වරෙන්තු නිකුත් කර ඇත.

ඒ ඔහු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය ගොනුකළ නඩුවක් කැඳ වූ අවස්ථාවේ  දී ය.

අද (13) දින, විමල් වීරවංශ මහතා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ලැබුණේ ය. 

ඒ 2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ එයට විරෝධතාවය දක්වමින් තිඹිරිගස්යාය සහ තවත් මාර්ග කිහිපයක් අවහිර කිරීම සම්බන්ධව මංමාවත් පනත උල්ලංඝනය කිරීමට එරෙහිව, කුරුඳුවත්ත පොලිසිය විසින් විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව එම නඩුව පවරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.