රාජපක්ෂලා එක්ක කඩල බෙදන්න ගිය බිරිඳට විමල් ජාතිය අමතයි.?
පසුගිය වෙසක් පොහෝ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කඩල දන්සලේ කඩල බෙදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ සශි විරවංශ සහභාගී වී සිටියා.
එය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ද දැඩි උපහාසයට ලක්වී තිබුණා.
ඊට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමල්ට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ පුවතත් අනාවරණය වීමෙන් අනතුරුව තත්වය තවත් බරපතළ වූ බවයි වාර්තා වන්නේ.
ඉන් දැඩි කෝපයට පත් විමල් වීරවංශ සිය බිරිඳට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සිය හිතවතෙකු සමඟ අදහස් දක්වමින් විමල් වීරවංශ පවසා ඇත්තේ “මේ ගෑණි මගේ පොතත් කෑවා, ඔක්කොම කෑවා මේ වැඩෙන්” කියාය.
ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් පොතකුත් ලියා, ඒ ඔස්සේ මෙරට ඇමරිකානු තානාපතිනියටත් චෝදනා එල්ල කර මාධ්‍ය ඔස්සේ පුවත් මවමින් සිටි වීරවංශට ඒ අතරේම මේ අකරතැබ්බය සිදුවීම ඔහුගේ දැඩි කණගාටුවටත් කෝපයටත් හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ශෂී වීරවංශ මේ දෝෂාරෝපණය හමුවේ පවසා ඇත්තේ “මම එහේ ගිය එකක් නෑ. මහින්ද ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු ලේකම් රත්නායක අයියා තමයි මාව එතෙන්ට එක්කන් ගියේ. දන්සැලක් නිසා ඉතින් මමත් කඩල බෙදුවා” යනුවෙනි.
නමුත් මේ නිදහසට කාරණය පිළිගෙන නොමැති විමල් වීරවංශ නැවත ශෂී වීරවංශ මහත්මියට හොඳටම ජාතිය අමතා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |