අලුතින් එන අදිකාරියක් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..

Sri Lanka Politician Government Of Sri Lanka
By Sithumi Apr 10, 2023 03:48 PM GMT
Report

සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. 

 අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

 විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යනය කටයුතු සිදුකරන බවයි එහිදී ඔහු පැවසුවේ. එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.