මෙරට සිනමාවේ දැවැන්තයෙකු, ඝාතනය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(PHOTOS)

Chandrika Kumaratunga Sajith Premadasa Sri Lanka Politician Janatha Vimukthi Peramuna
By Aruna May 03, 2023 07:24 AM GMT
Report

මෙරට හිටපු ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කරන ලද්දේ සජිත්ගේ මිනීමරු පියා විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරනවා.

විජය කුමාරතුංග යනු තමන්ගේ ප්‍රියතම නළුවා බවත් ඔහු ඝාතනය වූ දිනය තම දෑසින් කඳුළු වැටුණු බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ සමාජ මාධ්‍යයක පල කර තිබූ සටහනකට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික නන්දන ගුණතිලක මහතා සඳහන් කරන්නේ, විජය කුමාරතුංග ඝාතනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා ලද දේශපාලන තීන්දුවක් බවයි.

ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පත්‍රිකාවක් බෙදීමට ද සිදු වූ බව ද හෙතෙම සඳහන් කර ඇත.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ පළවූ සටහන පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery