ඔබ කවදාවත් හිතලා තියෙනවාද රාත්‍රී අහස අදුරු ඇයි කියලා...
අපි පුංචි කාලේ නිතරම ප්‍රශ්න අහනවා. එහෙම වුණත් අපි ලොකු වෙනකොට අපිට ලැජ්ජාවක් වගේ හිතේ කෝල ගතියක් හිතිලා, නිතර නිතරම ප්‍රශ්න අහන එක අප නවත්තන්න බලනවා. සමහරවිට ඒ අපි නොදන්න දේවල් පිළිගන්න අපේ තියෙන අකැමැත්ත නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඒක ඇත්තටම කනගාටු වෙන්න ඕනේ කරුණක්, මොකද ප්‍රශ්න අහන එක ඇත්තටම ඉතාම වැදගත් දෙයක්. අයින්ස්ටයින් වැනි විශිෂ්ට විද්‍යාඥයන් අන් අය අතරේ විශිෂ්ටයන් බවට පත්වෙන්න අර්ධ වශයෙන් හේතු වුණේ අනික් සියලු දෙනාට පැහැදිලි හා සාමාන්‍යයයි සිතූණු දේවල් පිලිබදව ඔවුන් ප්‍රශ්න අහපු නිසායි.
රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට ඈත අතීතයේ සිටම විවිධ ආකාරයේ අදහස් විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කෙරිණි. ඒවායින් බොහොමයක් ප්‍රතික්ශේප වේ. පහත දැක්වෙනුයේ මෙවැනි ආකාරයේ පිලිතුරුය.
විශ්වයේ ඇති වායු වලාවන් මගින් ඈත තාරකා හා මන්දාකිණි අවහිර කරනු ලබයි. මෙය එක්වරම පිලිතුරක් ලෙස පෙනුනත් මෙය පිලිගත හැකි අදහසක් නොවේ. මන්ද යත් අන්තර්තාරීය මාධ්‍යය (දුහුවිලි සහ වායු වලාවන්) විකිරණ උරාගෙන ඒවා බැබලීමට පටන් ගන්නා හෙයිනි. ඔල්බර්ස්ගේ විසංවාදය නිර්මාණය වී ඇත්තේ විශ්වය අපරිමිත යන උපකල්පණය මත පිහිටාය. නමුත් මහා පිපුරුම් වාදයට(Big Bang theory) අනුව විශ්වය පරිමිත විය යුතු බව පැහැදිලි වේ. මේ නිසා අපට දිස් වනුයේ මේ පරිමිත අවකාශය තුල පවතින ආලෝක මූලයන් පමණි. මෙය මේ ගැටලුවට යම්තාක් දුරට පිලිගත හැකි පිලිතුරක් උනත් නියම පිලිතුර නොවේ.
මෙන්න මේකයි හේතුව..
ඈතින්ම පිහිටන සමහර තාරකා වල ආලෝකය තවමත් අප වෙත ලැබී නොමැත. ඉතා විශාල වේගයකින් ආලෝකය ගමන් කරත් විශ්වයේ විශාලත්වය අනුව බොහෝ ඈතින් ඇති මන්දාකිණිවල අලෝකය අප වෙත තවමත් ලැබී නොතිබීමට හැකියාවක් පවතී. බොහෝ දෙනා පිලිගන්නා ආකාරයට විශ්වයේ උපත සිදුවී ඇත්තේ මහා පිපුරුම් වාදයට අනුවය. ඒ අනුව විශ්වයේ වයස දල වශයෙන් අවුරුදු බිලියන 15 පමණ වේ. මේ හේතුවෙන් අපට පෙනෙනුයේ ආලෝක වර්ෂ බිලියන 15 ක පරාසය තුල ඇති විශ්වය පමණි. මෙය 'නිරීක්ෂිත විශ්වය' (Observable universe) ලෙසද හැදින් වේ. මෙය රාත්‍රී අහසේ අඳුරු බව සදහා පිලිගත හැකි ප්‍රභල පිළිතුරකි. හබල් නියමයට අනුව විශ්වය යනු නියතව පවතින්නක් නොව කාලයත් සමග ප්‍රසාරණය වන්නකි. මේ නිසා යම් මන්දාකිණි දෙකක් අතර දුර කාලයත් සමග වැඩි වනු ඇත.
පෘථිවියේ සිට අප දකින සියලුම මන්දාකිණි අපෙන් ඈත්වෙමින් පවතී. හබල් නියමයෙන් පෙන්වා දෙන්නේ මන්දාකිනියකට ඇති දුර වැඩි වන විට එය ඈත්වෙන වෙගයද ඊට අනුලෝමව වැඩි වන බවයි. ඩොප්ලර් ආචරන මූලධර්මයට අනුව ඈත් වෙමින් ඇති මන්දාකිණිවල ආලෝකය අපට ලැබෙනුයේ රක්ත විස්තාපනයට (redshift) ලක්වය. එනම් මන්දාකිණියෙන් පිටවන ආලෝකයේ සංඛ්‍යාතය නියම අගයට වඩා අඩුවය. මේ නිසා බොහෝ ඈතින් ඇති මන්දාකිණි වල ආලෝකය ඉතා දැඩි ලෙස රක්ත විස්තාපනයට ලක්ව විද්‍යත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය කලාපයෙන් බැහැරට යාම නිසා අපට නොපෙනී යයි. මෙයද ඔල්බර්ස් විසංවාදය බිද දමන ප්‍රබල පිළිතුරකි. ඉහත සදහන් කල අදහස් වලින් රාත්‍රී අහස අඳුරු වීමට ප්‍රබල ලෙසම බලපානුයේ අවසාන වශයෙන් සදහන් කල කරුණු දෙකය. රාත්‍රී අහස අඳුරු ඇයි යන ගැටලුව සමාන්‍යය තාරකා විද්‍යාවේ එන සරල ඒවාගේම ප්‍රබල ගැටලුවකි. නමුත් එයට පිළිතුරු දිය යුතු වන්නේ සාමානය තාරකා විද්‍යාවෙන් නොව Cosmology හෙවත් විශ්ව න්‍යාය විද්‍යාවෙනි......
උපුටා ගැනීමකි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |