ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් ඇති වන්නේ ඇයි?

By Wayomi Aug 12, 2022 10:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඩිම්බකෝශයෙන් පිටවූ ඩිම්භයක් සංසේචනයෙන් පස්සේ ගර්භාෂයට නොපැමිණිව වෙනත් ස්ථානයක වැඩීම ආරම්භ වීම නිසා ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී 98%ක වගේ සංසේචිත ඩිම්භයේ වර්ධනය වෙන්නේ පැලෝපීය නාලය තුලමයි.

👉 ඒ වගේම ඩිම්බකෝශ තුල, උදර කුහරය තුල,ගර්භාෂයේ පහතින්ම ගැබ්ගෙලට ආසන්නව සහ පැලෝපීය නාල ගර්භාෂයට සම්බන්ධ වන ගර්භාෂයේ ඉහලම කොටසෙත් ගැබ්ගැනීම සිදු විය හැකියි.

👉 ඩිම්බකෝශ වලින් නිදහස් නොවූ ඩිම්බයක් සංසේචනය නිසා කෝෂ තුලදීත්, පැලෝපීය නාලවල ඇති යම් දුර්වල ස්ථානයක් තුලින් උදර කුහරයට වැටීම නිසා ඒ තුලදීත් මෙම කළල ඇති වෙනවා.

👉 පැලෝපිය නාලවල සිට ගර්භාෂය වෙත ගමන් කිරීමේදී ඇතිවන බාධාවන් නිසා ගර්භාෂයේ ඉහලම කොටසේත්, සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්ති වලට අවශෝෂණය වීමේ දුර්වලතාවක් නිසා, නිසි පරිදි ස්ථානගත නොවී ගැබ්ගෙල ආසන්නයේ කළල වර්ධනය සිදු වෙනවා. එය ectopic තත්වයක් ලෙසයි හඳුන්වන්නේ.

👉 මෙම තත්වයට අදාල රෝගී ලක්ෂණ පහලවීම සිදුවන්නේ ගැබ් ගැනීමෙන් පළමු සති කිහිපය තුලදීමයි.

👉 මේ වනවිටදී බොහෝ කාන්තාවන් ගැබ් ගැනීමක් සිදුවී ඇති බව නොදැන සිටින අවස්ථා බහුලයි.

👉 ඒ නිසා ඊට නිසි ප්‍රතිකාර වලට යොමුවීම ප්‍රමාද වීම නිසා තත්ත්වය බරපතළ වෙන්න පුළුවන්.

👉 ඇතැම් විට ගර්භණී බව දැන සිටියත්, ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුවී නොවීම නිසාත් මෙම තත්වය හඳුනාගන්න බැරි වෙන්න පුළුවන්. 


ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් වලට හේතු මොනවාද?

🌸 පැලෝපීය නාල තුල ඇති දුර්වලතා මීට මූලිකම කරුණයි.

🌸 උදරය ආශ්‍රිත ශල්‍යකර්ම වලදී තුවාල වීම් ඇතීවීම.

🌸 ගොනෝරියා , ක්ලැමේඩියා වැනි රෝගකාරක මඟින් ඇතිකරවන අභ්‍යන්තර ලිංගික අවයව ආශ්‍රිත ආසාදන තත්ව (pelvic inflammatory disease) නිසා නාලය තුල ඩිම්බ ගමනාගමනයට ඇති නිදහස් ඉඩ අවහිර වීම.

🌸 ස්ථිර උපත් පාලන ක්‍රමයක් ලෙස පැලෝපීය නාල ගැට ගැසීමේ ශල්‍යකර්මය ( tubal ligation) හෝ එම ශල්‍යකර්මය ප්‍රතිවර්ත කිරීම ( reversing of tubal ligation ) සිදුකිරීම.

🌸 පෙර ඇතිවු නාල තුල ගැබ්ගැනීම් (tubala pregnancy) නිසා නාල තුවාල වී, නැවතත් එවැනි ගැබ්ගැනීමකට ඇති අවධානම ඉහල යනවා එමෙන්ම.ඉහත යම් හේතුවක් නිසා පැලෝපීය නාල තුවාල වී තිබුණහොත්, ඒ තුලින් සංසේචිත ඩිම්බය උදර කුහරය තුලට යොමුවී ඒ තුළත් ගැබ්ගැනීම් සිදු වෙනවා.

🌸 ඇතැම් අවස්ථාවල ගර්භාෂය තුල කලලය වර්ධනය වුණොත්, එහි ස්ථානගතවීම අනුව ectopic වර්ගයේ ගැබ් ගැනීමක් ලෙස සලකනවා. සාමාන්‍යයෙන් කලල වර්ධනය සිදුවන්නේ ගර්භාෂයේ පසුපස බිත්තියේ ඉහල කොටසෙයි. පැලෝපීය නාල ගර්භාෂයට සම්බන්ධ වන ස්ථාන හා ගැබ්ගෙලට ආසන්නව ගර්භාෂයේ පහලින්ම සිදුවන ගැබ්ගැනීම් ද සැලකෙන්නේ ectopic ගණයටයි.

🌸 උපතින්ම ගර්භාෂයේ ඇති අසාමාන්‍ය පිහිටීම් මීට එකහේතුවක්. ඒ වගේම උපත් පාලනය සඳහා ලූප් ( intra uterine contraceptive device / IUCD ) භාවිතා කරමින් සිටියදී කලාතුරකින් සිදුවන ගැබ්ගැනීමකදීද මේ ආකාරයේ ectopic ගැබ්ගැනීම් සිදුවනවා. තවද, කෘතිම සංසේචන ක්‍රම මඟින් සිදුවන ගැබ් ගැනීම් වලදීද මේ සඳහා වන අවදානම ඉහළයි.  


ගර්භාෂයෙන් පිටත් ඇතිවන ගැබ් ගැනීමක මූලික රෝගී ලක්ෂණ

🌺 උදරයේ වේදනාව. (බොහෝවිට මෙය උදරයේ පහල ප්‍රදේශයේ ඇතිවන අතර එක් පැත්තකට පමණක් සීමා වනවා)

🌺යෝනි මාර්ගය හරහා ඇතිවන සියුම් ලේ ගැලීම.

🌺 ඇඟට පණ නැති ස්වභාවය හා ක්ලාන්ත ගතිය.

🌺 ආදී ලක්ෂණ මෙහි මූලික අවධියේ පෙන්නුම් කෙරෙන ලක්ෂණ වනවා.  


හැබැයි වෙනයම් හේතුවකින් පැලෝපීය නාල තුවාල වීමක් හා ලේ ගැලීමක් සිදුවුණොත්,

🌺 ඉතා තද උදර වේදනාවක්.

🌺 දැඩි රුධිර වහනයක්,

🌺 උරහිස් ආශ්‍රිත වේදනාවක් හෝ ගුදමාර්ගය ආශ්‍රිත වේදනාව( මෙහිදී උදරය තුල රුධිරය එක් රැස් වන ස්ථාන ආශ්‍රිතව ඇති ස්නායු උත්තේජනය වීම නිසා මේ තත්වය ඇතිවනවා.)  

මෙවැනි රෝගී ලක්ෂණ හඳුනාගත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු බව මතක තබා ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW