ඔයත් මේ දේවල් වලට සල්ලි වියදම් දෙපාරක් හිතන්න එපා..ලෝබ නොවී වියදම් කරන්න ඕනි දේවල් මෙන්න.
හොද Skin Care නිශ්පාදනවලට.
හොද ස්කින් කෙයා නිශ්පාදන කියන්නෙ ඔයා කරන ආයෝජනයක්. ඔයාගේ සම නිරෝගීව පැහැපත්ව තබා ගන්න ඔබ වියදම් කරන දේ අපතේ යන්නේ නැහැ.
වෛද්‍ය ප්‍රතිකාරවලට
නිරෝගිකමෙන් තොරව ඕනෑම කෙනෙක් ලග මොනදේ තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි දෙයක් සහ ලෝබ නැතුව වියදම් කරන්න ඕනි දෙයක් තමයි වෛද්‍ය ප්‍රතිකාර කියලා කියන්නේ. එනම් මෙහිදී වැදගත් වෙන දේ තමයි ඔයාගේ ජීවිතේ ලෙඩ රෝගවලින් තොරව නිරෝගීව සිටීම තරම් ධනයක් නොමැති බව.
පෝෂදායි ආහාර වේලක් සදහා.
අපි මොනදේට වියදම් කළත් වැඩක් නැහැ ඉතා හොද පෝෂදායි ආහාර වේලක් නොලැබෙනවනම්. හොද ආහාර රටාවකින් හොදම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එනම් ලෙඩ රෝග අවම කරන්න, ඒවගේම හොද සමක් පවත්වා ගන්න, නිරෝගි කෙල් කලඹක් පවත්වාගන්න මේ හැමදේටම ඔබ ලබා ගන්න පෝෂදායි ආහාර රටාව වැදගත් වෙනවා.
හොද ඇදුම් පැලදුම් වෙනුවෙන්.
වටින සහ හොද ඇදුම් පැලදුම් කියලා කියන්නේ බොහෝ දෙනෙක් ඔයාව මනින දෙයක් ඒවගෙම තමයො ඔයාගේ පෞර්ෂත්වය රදා පවතින ප්‍රධානම සාදකයක් තමයි මේ ඇදුම් පැලදුම්.
එසේනම් ඔබ සෑම විටම ඉතා හොද ඇදුම් පැලදුම් අදිනවනම් ඔබ ගැන තිබෙන ආකරෂනය සහ ආකල්ප කෙරෙහි ලොකු බලපෑමක් කරන්න ඔයාට පුලුවන්. ඒවගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නත් හැකියාව තියෙනවා.ඒ නිසා ඒ දේවල් වෙනුවෙන් වියදම් කරන එක නාස්ති කිරීමක් වෙන්නේ නැහැ.