ඉන්දියවෙන් ලංකාවට බිත්තර ගේද්දී - ලංකාවේ මස් නිෂ්පාදනයට ඉන්දියාව කරන්න යන දේ.

Mahinda Amaraweera Sri Lanka Government Of Sri Lanka India
By Wayomi Feb 25, 2023 11:39 AM GMT
Report

මෙරට කුකුළු මස් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව හෙළි වී තිබෙනවා.

ඒ, අමාත්‍ය මහින්ද අමරවීර  සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවදීයි.

ආසියානු කලාපය තුළ කුරුළු උණ වසංගතය වාර්තා නොවූ එකම රට ශ්‍රී ලංකාව වීම හේතුවෙන් මෙරට නිෂ්පාදිත සොසේජස් සඳහා ඉන්දියාවේ ද ඉල්ලුමක් ඇති බවත් එමෙන්ම වෙනත් රටවල් ගණනාවකින් මෙරට නිෂ්පාදිත කුකුළු මස් හා බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් එහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

එම නිසා මෙරට සත්ත්ව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය සඳහා සියලු පියවර ගත යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරි මාස 06 තුළ නැවත වරක් මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ස්ථිර වශයෙන්ම හිස ඔසවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.         


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW