මස් මාංශ ආහාරයට ගැනීම නතර කළොත් සිදු වන දේ.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Oct 06, 2022 08:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කරවල කෑල්ලක්.. හාල් මැස්සෙක් නැත්නම් සමහරු කන්නේ නැහැ. ඒ අයට දෛනික ආහාර වෙලාවට මස් මාංශ මොනවම හරි තියෙන්න ඕන. හැබැයි ඔය අතරේ ඉන්නවා පොඩි කාලේ ඉඳලම හෝ පසු කාලීනව විවිධ හේතූන් මත මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටින අය.

ඉතින් ඒ විදිහට vegetarian වෙලා ඉන්න අයට සමහරු අවවාද කරන්නේ ඇඟ හැදෙන්න නම්, ශක්තිය ලැබෙන්න නම් මස් කෑල්ලක්..මාළු කෑල්ලක් කන්න ඕන කියලයි. හැබැයි ඒ අයට කන්න අකමැති දේවල් බලෙන් කැවීම නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ කොහොම වූණත් මේ කියන්න යන්නේ ඔබ මස් මාංශ කෑම නතර කළොත් ඔබේ සිරුරට සිදු වන බලපෑම සහ විසඳුම් ගැනයි.

01. බර අඩුවීම.

👉 නිර්මාංශික පුද්ගලයන්ට කැලරි දහනය කරන්න, ව්‍යායාම කර කර බර අඩු කරගන්න වෙහෙසෙන්න ඕන නැහැ. ඔවුන්ගේ එළවළු වලින් සපිරි ආහාර වේල සියල්ල හොඳින් පාලනය කරනවා.


02. ආරක්ෂිත බැක්ටීරියා ප්‍රමාණය වැඩිවීම.

👉 මස් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට වඩා නිර්මාංශී පුද්ගලයකුගේ උදරයේ ඇති ක්ෂුද්‍රජීවී ගහනය වෙනස්.

👉 දත්ත වලට අනුව එළවළු නිෂ්පාදන පමණක් ආහාරයට ගන්නා පුද්ගලයකුගේ උදරයේ ආරක්ෂිත බැක්ටීරියා ප්‍රමාණය වැඩියි.

👉 නමුත් එම ක්ෂුද්‍ර ජීවීන්ට නැවත සංවිධානය වීමට සහ වැඩිදියුණු වීමට කාලය ගත වෙනවා.

👉 එවිට ඔබගේ අන්ත්‍රය සහ අග්න්‍යාශයද ශාක මූලික ආහාර වේලකට හැඩගැසෙන නිසා මුලින් බඩ පිපුම සහ අධික ලෙස වාතය පීරීම දක්නට හැකි අතර එන්සයිම ඌනතාවක් දැනිය හැකියි.


03. නිරෝගී සමක් ලැබීම.

👉 නිර්මාංශී පුද්ගලයන්ට කුරුලෑ, බ්ලැක් හෙඩ්ස් සහ ඇක්නි වලින් තොර නිරෝගී සමක් ලබාගන්න පුළුවන්.

👉 විද්‍යාඥයන්ට අනුව ඔබ මස් වෙනුවට එළවළු සහ පලතුරු ආහාරයට ගන්නවා නම් සිරුරෙන් සියලු විෂ වර්ග ඉවත් වී යනවා.


04. ජව සම්පන්න වීම.

👉 මස් ආහාරයට ගැනීම නතර කළ බොහෝ පුද්ගලයන් නිරීක්ෂණය කළ වැදගත් කාරණයක් වන්නේ දිනය ඇතුළත ඔවුන්ට අඩුවෙන් වෙහෙස දැනීමයි.

👉 නිර්මාංශ ආහාර වේලකින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර සහ විෂ වර්ග ඉවත් යනවා පමණක් නොවෙයි සිරුරට සැහැල්ලුවක් සහ වඩාත් ජව සම්පන්න බවක් ලැබෙනවා.


05.හෘද රෝග ඇතිවීමේ අවධානම අඩුයි.

👉 රතු මස් වල අඩංගු කාර්නිටයින් (carnitine)මගින් හදවතට අහිතකර ලෙස බලපෑ හැකි රසායනික ප්‍රතික්‍රියාවන් උත්තේජනය කරන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

👉 මීට අමතරව නිර්මාංශකයින් තුල අතතිය, දියවැඩියාව, මහාන්ත්‍රයේ හා උදරයේ පිළිකා ඇති වීමේ අවදානමත් අඩුයි.


06.කොලෙස්ටරෝල් මට්ටම 1/3කින් අඩුවීම.

👉 මස් ආහාරයට නොගන්නා විට ඔබේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත වැටෙනවා.


07 “හොඳ ජාන” වඩාත් හොඳින් ක්‍රියාත්මක වීම.

👉 පාරිසරික තත්ත්ව අපගේ ජාන කෙරෙහි බලපාන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

👉 එහි “හොඳ” සහ “නරක” ජාන තිබෙනවා.

👉ඔබගේ ජීවන රටාව සෞඛ්‍ය සම්පන්න නොවන එකක් නම් මෙම “නරක ජාන” වඩාත් වේගයෙන් ක්‍රියාත්මක වී නිදන්ගත රෝග සහ ස්ථූලතාවය ඇතිකරවනවා.

👉 ඒ නිසා මස් මාංශ සහිත ආහාර වේලක සිට එළවළු ආහාර වේලකට මාරු වීමෙන් මෙම හොඳ ජාන ක්‍රියාත්මක කළ හැකි අතර සිරුරේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අතට හැරෙනවා.


08.පෝෂණ ඌනතා ඇති වීම

👉 ඔබ මස් ආහාරයට ගැනීම නතර කළ විට යකඩ, අයඩින්, විටමින් D සහ විටමින් B12 ඌනතා ඇතිවිය හැකියි.

👉 නමුත් ඔබගේ ආහාර වේලෙහි බෝංචි, පරිප්පු වැනි රනිල කුලයේ ආහාර, කජු වර්ග, පලතුරු, තද කොළ පැහැති එළවළු,සීරියල් වර්ග සහ පරිපූර්ණ ධාන්‍ය අඩංගු වෙනවා නම් මෙම අසමතුලිතතාවය නැවත යථා තත්ත්වයට පත්කර ගත හැකි බව විද්‍යාඥයන් පවසනවා.

👉 ඊට අමතරව පෝෂණ ඌනතා මග හරවා ගැනීමට වෛද්‍ය උපදෙස් මත විටමින් සහ වෙනත් අතිරේක වර්ග පිටතින් ලබාගත හැකියි.


09. රස සංවේදීතාවය නැති වී යා හැකියි.

👉 සින්ක් යනු රස සංවේදීතාවය කෙරෙහි බලපාන වැදගත් මුලද්‍රව්‍යයක්.

👉 බෙල්ලන් සහ රතු මස් සින්ක් වලින් සරුයි.

👉 නමුත් නිර්මාංශිකයින් මෙම මූලද්‍රව්‍ය ලබාගැනීම සඳහා සුදු කව්පි, පරිපූර්ණ ධාන්‍ය නිෂ්පාදන, කජු වර්ග සහ කිරි නිෂ්පාදන ලබාගන්න පුළුවන්.

👉 ඒවායේ ප්‍රමාණවත් තරම් සින්ක් අඩංගු වෙනවා. දළ වශයෙන් ගත් කල නිර්මාංශිකයින්ට ඔවුන්ගේ ආහාර සමග දෛනිකව 50% ක් පමණ වැඩිපුර සින්ක් ලබා ගැනීම අවශ්‍යයි.


10.මාංශ පේශීන් යථා තත්ත්වයට පත් වීමට වැඩි කාලයක් ගත වීම.

👉 මාංශපේශීන් ශක්තිමත් වීමට සහ ව්‍යායාම වලින් පසු යථා තත්ත්වයට පත්වීමට ප්‍රෝටීන අත්‍යවශ්‍යයි.

👉 ශාක හා සත්ව ප්‍රෝටීන යන දෙකම මේ කාර්යය සඳහා උදව් වෙනවා.

👉 කෙසේ නමුත් ශාක ප්‍රෝටීන වලට ක්‍රියාත්මක වීම ඇරඹීමට වැඩි කාලයක් ගත වෙනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW