වැඩිපුර සීනි කෑවොත් වෙන දේ මෙන්න. දියවැඩියාවට වඩා භයානක රෝග රැසක්.

By Wayomi Jul 14, 2022 11:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලොකු කුඩා භේදයකින් තොරව අද ගොඩක් දෙනෙක් බහුලව රස විඳින්න පුරුදුවෙලා ඉන්නේ සීනි අධික ආහාර. විශේෂයෙන්ම කුඩා දරුවන් බොහෝ පිරිසක් මේ තත්ත්වයට ගොදුරු වෙලා.

🍡🍬 අධික සීනි පරිභෝජනය නිසා දියවැඩියා විතරක්ම නෙවෙයි අධි රුධිර පීඩනය, මොලයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීම වැනි බෝ නොවන රෝග රැසක් වැලඳෙන්න පුළුවන්.

🍡🍬 දිනකට දරුවෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4යි ( 20g). නමුත් දිනකට කිරි වීදුරු දෙකක් එහෙමත් නැත්නම් වෙනත් වෙනත් කඩචෝරු වර්ග දරුවන්ට ලබා දෙනවා. එහෙම බැලුවොත් දිනකට දරුවෙකු100g කට අධික ප්‍රමාණයක් සීනි ආහාරයට ගැනෙනවා.

🍡🍬 පැණි රස කෑම හා පැණි රස බීම වර්ග සමඟ ශරීර ගතවන සූක්‍රලෝස් (sucralose), ඇස්පාර්ටේම් (aspartame), ඇසිසල්ෆේම් කේ (acesulfame k) සහ සැකරින් වැනි කෘතිම පැණි රස කාරකයන් ස්නායු ආබාධ, මන්ද මානසික වර්ධනය පමණක් නොව කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, පිරිමින්ගෙන් ලිංගික බෙලහීනතාව සහ මදසරු භාවයට ද හේතුවන බව වෛද්‍යවරුන් පවසනවා.

🍡🍬සීනි මෙන්ම බොහෝ කෘතීම පැණි රසකාරක මොළයේ මතක ගබඩළයේ මතක ගබඩා වන හිපොකැම්පස් (hippocampus) මත ඉතාම අහිතකර ලෙස ක්‍රියා කරන බව තහවුරු කරගෙන තිබෙනවා.

🍡🍬 ඔබ තරයේ මතක තියාගත යුතු කරුණ නම්, සෑම විටම පැණි බීම, සිසිල් බීම, ප්‍රති ජනක පාන, අඩු කැලරි ආහාර, jam ජෑම්, කෝඩියල්, චුවින්ගම්, බබල් ගම්, පෙපර්මින්ට්, ඇතැම් සීනි රහිත ආහාර, ක්ෂණික පළතුරු පාන වැනි ආහාර නිෂ්පාදන තුළ කෘතිම පැණි රසකාරක රැසක් අඩංගු විය හැකියි.

🍡🍬 බටර් වර්ගවල සුවඳට හේතුවන diacetyl (butter flavour) මොළයේ ආරක්ෂක පටලය විනිවිද ගොස් හානිකරන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW