බීමතින් රිය පැදෙව්වොත් ආයේ ඇපත් නෑ - රියත් නෑ.

Sri Lanka
By Wayomi Mar 27, 2023 11:23 AM GMT
Report

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි.

මෙම නව තීරණයත් සමඟ අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බව ද වාර්තා වෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW