හමුදා පාලනයක් අවොත් මොකද වෙන්නේ ?
ශ්‍රී ලංකාව තුළ හමුදා පාලනයක් ඇති විය හැකි බවට මේ දිනවල විවිධ සැක සංකා මතුවෙලා තියෙනවා. ඇත්තම මොකද මේ හමුදා පාලනයක් කියන්නේ.
හමුදා පාලනයක් එහෙමත් නැත්නම් හමුදාකරණය කියලා කියන්නේ රටක බලයට පත් වූ ආණ්ඩු ගෙදර යවා රටේ පාලනය හමුදාව අතට ගැනීමයි. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් යටතේ හමුදාව තිබෙන්නේ සිවිල් පරිපාලනය යටතේයි.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් තුළ හදිසි නීතිය හෝ වේවා, ඇඳිරි නීතිය හෝ වේවා පැනවුවහොත් පොලිසියට හිමි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය හමුදාවට හිමි වෙනවා. හැබැයි මෙහිදී රාජ්‍ය පාලනය තවමත් සම්පූර්ණයෙන්ම ඔවුන්ට අයිති වෙන්නේ නැහැ.
හදිසි නීතිය ක්‍රියාත්මක කළ සූඩාන ජනපතිට වෙච්ච් දේ.
රටේ ආර්ථික අස්ථාවරත්වය, ජීවන වියදම ඉහළ යාම, ඊට අමතරව ඉන්ධන හා පාන් මිල වැඩි සමඟ සූඩානයේ ජනපති ජන අප්‍රසාදයට පත්වුණා. ඒ අනුව 2018 වසරේදී ඕමාර් අල්-බෂීර්ගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා.
කොහොම කොහොම හරි මෙම විරෝධතා ව්‍යාපාර 2019 වන විට ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වුණා. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ දී රටේ හදීසි නීතිය ක්‍රියාත්මක කරනවා. පසුව විරෝධතා ව්‍යාපාර හමුවේ ක්‍රියාත්මක වන එරට ආරක්ෂක ඇමතිවරයා අවාද් බින් ඔව්ෆ් විසින් අප්‍රේල් මාසයේ 11 වන දා හමුදා කැරැල්ලක් මෙහෙයවා රාජ්‍ය බලය අල්ලා ගන්නවා.
කෙසේ වෙතත් පසු හමුදා ජුන්ටාව පිළිගැනීමට තමන් සූදානම් නොවන බව පවසමින් විපක්ෂය හා ජනතාව ඊට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙම විරෝධතා ව්‍යාපාර වලදී හමුදාව අතින් බොහෝ සිවිල් වැසියන් ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. ඊට පස්සේ ඔවුන් විරෝධතා අවසන් කිරීම සඳහා හවුල් පාලනයක් සඳහා ගිවිසුම් අත්සන් තබනවා.