දිවයින පුරා අද සිදු කිරීමට තිබූ සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට සිදු වූ දේ මෙන්න..
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (19) සිදු කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.
ඒ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලිඛිතව සිදු කළ ඉල්ලීමකට අනුව බවත්, වැඩ වර්ජනය යලි ක්‍රියාවට නැංවීම සතියකින් කල් දැමූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය වෘත්තීය සමිතීන්වල ඉල්ලීම් ඉටු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට යොමු කළ වාර්තාවට අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් සූදානම් කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දී දැනුම් දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා පැවසූ බවයි.
ඒ අනුව, වැඩ වර්ජනය සිදු කිරීමෙන් රෝගීන්ට වන අපහසුතාව සලකා බලා මෙම වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.