වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට..
STF
Department of Prisons Sri Lanka
By krishani
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් එහි ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඊයේ(16) බන්ධනාගාර කාන්තා නිලධාරිනියන් හා රැඳවියන් පරීක්ෂා කරන ස්ථානයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ කරන ලදී.
52 හැවිරිදි මෙම සැකකාරිය සන්තකයේ තිබූ ඖෂධවලට සමාන පෙති වර්ගයක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය විසින් හදිසියේම එම පෙති මුව තුළ සඟවා ගැනීමට උත්සාහ කර තිබෙන අතර ඒ අනුව මෙම ජේලර්වරිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.