සූක්ෂමව හෙරොයින්, බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ රැඳවියෙකුට සිදු වූ දේ..

Sri Lanka
By krishani Jul 17, 2022 07:30 AM GMT
Report

ඊයේ (16) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට තැත් කළ රැඳවියෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

එහිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300ක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

සැකකරුගේ යට කලිසම් වාටියේ සඟවාගෙන බූස්ස රක්ෂිත බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමේදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join