සුබසාධන ප්‍රතිලාභ ලැබෙන අයගේ නාම ලේඛනයක්..

Provincial Council Bandula Gunawardane Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna May 31, 2023 02:07 AM GMT
Report

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බව සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

 එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවය.

"සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6ක් යටතේ, උපමාන 22ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමයි.

ඒ අනුව අපිට තවදුරටත් දිස්ත්‍රික්ක 25න් 10ක පමණ ප්‍රමාණයක් 94%ක් වගේ වැඩ නිමවෙමින් තියෙනවා.

අපි ඒ කමිටුවට දීලා තියෙනවා දීලා තියෙන දත්ත පිළිගැනීම, ඒ දත්තවල අඩුපාඩු තියෙනවා නම් නැවත සමීක්ෂණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම." නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අභියාචනා සහ විරොධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන බව බී. විජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර සමාජ ආරක්ෂණ සහනාධාර ප්‍රතිලාභය ගන්නා දිළිදු පවුල්වල දරුවන්ට “සිසු සැරිය“ප්‍රවාහන සේවයේ නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය,ප්‍රවාහන,මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසුවා.

සිසු සැරිය ප්‍රවාහන සේවයේ ගමන් කරන පාසල් දරුවන්ට 70% ක සහණාධාර ගාස්තුවක් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවත්,ඉතිරි 30% ක මුදල දෙමාපියන් විසින් දැරියයුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now