විවාහ මංගල උත්සවයකින් විශාල කොවිඩ් පොකුරක්..මංගල උත්සව යළි තහනම් කරයි?..
විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 100 දෙනෙකුට වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පසුගිය 18 වැනිදා මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා තිබෙන බවයි එම කාර්යාලය පැවසුවේ.
කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තනයේ යෙදුණු පිරිසක් මංගල උත්සවයට පසු දින කීපයකින් ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් රෝගීන්ගෙන් 30 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර අනෙක් පිරිස් ඔවුන්ගේ නිවෙස් ද වසා දමා සෞඛ්‍ය නිලධාරීන් මගහැර ගොස් ඇති බවට වාර්තා වනවා.
හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති අතර අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබෙනවා.
මෙවැනි කොවිඩ් රෝගීන් විවාහ මංගල උත්සව රැසකින් පසුගිය දින කිහිපය පුරාම රටේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වුණා.
මෙවැන් තත්ත්වයක් තුළ ඉදිරියේදී මංගල උත්සවයන්ට යළි සීමා පැනවීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවට සෞඛ්‍ය අංශයන්අනතුරු අඟවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |