අද දින කාලගුණික තත්ත්වය - විශේෂ පිරිසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..
සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල, බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලත් විටින් විට පැ.කි.මී. (40-50) ක පමණ වේගයෙන් තද සුළං ඇතිවිය හැකි අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන බවත්, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශම ද රළු වශයෙන් පවතින බවත් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.0 – 2.5 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |