අද රට පුරා ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක්... මේ ප්‍රදේශ වල ජනතාවට දැනුම්දීමක්..
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.
මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.