අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්. කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 31, 2023 01:06 AM GMT
Report

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now