අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..අකුණු සමගත් තද සුළං..

Sri Lanka Weather
By Aruna Mar 28, 2023 12:49 AM GMT
Report

අද (28) බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now