අද දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

Sri Lanka Weather
By Aruna Mar 26, 2023 01:03 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකියි.

උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලීමේ ඉඩකඩක් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.