හදුනා නොගත් ගෝලයක් වෙරළට ගසා ගෙනඑයි..(PHOTOS)

Weather
By Aruna Feb 23, 2023 06:23 AM GMT
Report

හඳුනා නොගත් ගෝලයක හැඩැති ලෝහමය වස්තුවක් ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා තිබෙනවා.

එය මීටර් 1.5ක විෂ්කම්භයකින් යුත් සුදු පැහැති ගෝලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය කුමන ආකාරයේ වස්තුවක් ද යන්න ජපන් බලධාරීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය ගොඩගැසූ වෙරළ කලාපය මේ වනවිට සාමාන්‍ය ජනතාවට ඇතුළුවීම වළක්වාලමින් තහනම් කලාපයක් බවට නම් කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery