රට පුරා ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානම් සහගත අනතුරු ඇඟවීමක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Feb 28, 2024 03:57 AM GMT
Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි, එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බවයි.

"අද සහ ඉදිරි දිනවල තද රස්සනයක් අපිට දැනෙනවා. මේ සමඟම දාඩිය වැඩිපුර ශරීරයෙන් පිටවෙයි. දාඩිය සමග ලවණ සහ ජලය ශරීරයෙන් පිටවෙනවා.

මේ නිසා අපි හැමෝටම අපහසුතාවයන් දැනෙනවා. වමනය, හිසරදය, ඇඟපත රිදෙන එක, නිදිමත ගතිය, නින්ද නොයන ගතිය, ආහාර අරුචිය, ක්ලාන්ත ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

මේවා වළක්වා ගන්න නම් අපි වැඩිපුර ජලය හා ලවණ අඩංගු පානය කළ යුතුයි. ස්වභාවික පාන වර්ග වන කැඳ වර්ග, දෙහි, දොඩම්, නාරං, තැඹිලි වතුර, කුරුම්බා වතුර, පොල්වතුර වගේ තමා හොඳ."

මෙම තත්ත්වය හේතුවෙන් ළමුන් අතර චර්ම රෝග පැතිරයාමේ අවධානමක් මතුව ඇති බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

"මෙතැනදි දාඩිය බිබිලි, දද වගේ දේවල් ඇති වෙනවා. ඒවා අවම කිරීමට වතුර බොනවා වගේම වතුරේ ඉන්න දෙන්න දරුවන්ට.

උදේට සහ හවසට විනාඩි 20ක් වගේ සෙල්ලම් කරන්න දෙන්න ජලයේ. ඒවට බව වෙන්න දෙයක් නෑ. නාන්න බයවෙන්න එපා. පළමු මාස 6 දරුවන්ට මව්කිරි පමණක් ප්‍රමාණවත්.

ඊට වැඩි දරුවන්ට වතුර ටිකකුත් දෙන්න කෑම වගේම. මුත්‍රාවල පාට බලන්න. මුත්‍රා තද පාටයි නම් ඒ අයට වතුර වැඩියෙන් දෙන්න මේ දවස්වල. "