ලබන 21, 22 සහ 23 දිනයන් හි මොකද දන්නව ද වෙන්නේ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
ලබන 21, 22 සහ 23 යන දිනයන්වල දී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව පළාත්වලට සන්ද්‍යා කාලයේ දී වැසි ඇතිවිය හැකි බව ය.
නමුත්, අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ මෙලෙස ඇතිවන වැසි හේතුවෙන් පවතින උණුසුම් තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බවයි.
ශරීර උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර පවතින වෙනස ඉතා අඩු මට්ටමක පවතින තත්ත්වයක ශරීරයෙන් පිටවන තාප ශක්තිය ඉතා අවම අගයක පවතින බව ඒ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට ලා පැහැති ඇඳුම් ඇදීම, නිතර ජලය පානය කිරීම සහ අධික වෙහෙස ගෙනෙන වැඩවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනු ලබයි.