අද දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය.

Sri Lanka Weather
By krishani Apr 10, 2023 01:08 AM GMT
Report

අද (10), බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි ය.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින අතර අද දහවල් 12:11ට ආනමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join