ඉදිරි පැය 36 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීම් නිවේදනයක්..!
බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් පවතින සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්ය.
මධ්‍යයම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් වලත් විටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |