අඩු ඉන්ධන ප්‍රමාණයකින් කාර් එක දුවන කිලෝමීටර් ගාණ වැඩි කරගන්න හැටි.
ඉන්ධන අර්බුදයත් එක්ක ගොඩක් දෙනෙක්ට පැන නගින ප්‍රශ්න ගොඩයි. දැන් වාහනයට තෙල් ගැහුවට ඉස්සර වගේ ගොඩක් දුර දුවන්න බැහැ. ඉක්මනට තෙල් පිච්චෙනවා.අනික ඉස්සර ගහපු මිලටම දැන් තෙල් ගහන්න බැහැ. හැබැයි ඔය කොහොම වුණත් ඔබත් මෝටර් රථ හිමියෙක් නම් ඔබට මේ කරුණු ගොඩක් වැදගත්. ඉතින් මේ කියන්න යන්නේ වාහනේ මයිලේජ් එක,එහෙමත් නැත්නම් යම් ඉන්ධන ප්‍රමාණයකට යන්න පුළුවන් කිලෝමීටර් ගාන වැඩි කරගන්නේ කොහොමද කියලා. තවත් පැහැදිලිව කියනවා නම් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරන ක්‍රම ගැන.
?? ස්ථාවර වේගයක් පවත්වා ගැනීම වැදගත්. සාමාන්‍ය පාරවල් වල යද්දී වාහනවලට යන්න පුළුවන් speed එක 60kmph. එය සුදුසුම speed එකක් වන අතර එමඟින් ඉන්ධන ඉතුරු වන බවට අධ්‍යන වලින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි කිලෝමීටර් ගාණක් දුවන්න පුළුවන්. මෙහෙම වෙන්නේ නිතරම වේගය වෙනස් කරන්න එන්ජිමට බලය ඕනේ නිසා. ඒ බලය ගන්නේ වැඩිපුර ඉන්ධන දහනය කරලා. වැඩි වේගයකින් යද්දී නිතරම බ්රේක් කරන්නත් වෙනවා, එතකොටත් ශක්තිය අපතේ යනවා.
?? හරියට ගියර් මාරු කරන්න. ඉන්ධන දහනය අඩු කරගන්න නම් ඉහල ගියර් වලට ඉක්මනින් ලඟාවෙන්න බලන්න.
?? ඔබට අවශ්‍ය විට පමණක් වායු සමීකරණ භාවිතා කරන්න.
?? නිවැරදි ටයර් සහ ටයර් පීඩනය තෝරගන්න. ඝර්ෂණය වැඩි උනාම යොදන්න ඕන බලය වැඩියි. පාරයි රෝදයි අතර ඝර්ෂණය අඩු කරාම දහන කරන්න ඕන ඉන්ධන ප්‍රමාණයත් අඩුයි. වාහනයේ මොඩ්ල් එක, පාවිච්චි කරන කාර්යය, දේශගුණය වගේ සාධක බලලා හොඳටම ගැළපෙන ටයර් වර්ගය සහ නිවැරදි ප්‍රමාණයට හුළං ගහන එක ගොඩක් වැදගත්.
?? තත්පර 30කට වඩා එක තැන නතර වෙලා ඉන්න අදහසක් නැත්නම් එන්ජින් එක ඕෆ් කරන්න එපා. මොකද මීට වඩා අඩු වෙලාවකට නම් ඔයා එන්ජින් එක ඕෆ් කරන්නේ, එහෙම ඉතුරු කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් නැවත එන්ජින් එක පණ ගන්වන්න වැය වෙනවා. ඒ නිසා ට්‍රැෆික් ලයිට් එකකදි එන්ජින් එක off කරන්න කලින් කොළ ලයිට් එක පත්තු වෙන්න තව තත්පර කොච්චරක් තියෙනවද කියලා බලන්න.
?? කාර් එක හරිම කාලයට සර්විස් කරන්න. මොකද එක එක කාර්යන්ට විශේෂ උන කොටස් 30,000කින් විතර වාහනයේ අඩංගු වෙනවා. මේ කොටස් එකින් එක යැපෙනවා වගේම එක කොටසක කාර්යක්ෂමතාව තීරණය වන්නේ ඒකට සම්බන්ධ අනෙක් කොටස් වැඩ කරන ආකාරය අනුවයි.
?? වැඩි බරක් ගෙනියන්න වැඩි ශක්තියක් ඕනේ වෙනවා. වාහනේ ගෙනියන බර ප්‍රමාණය අඩු වෙද්දී දහනය කරන ඉන්ධන ප්‍රමාණයත් අඩු වෙනවා.
?? පාර දැනගෙන ගමන් කරන්න. මොකද දන්නැති පාරවල්වල ගිහින් පාර වැරදුණොත් යන්න ඕන දුර වැඩියි.
?? අවම වශයෙන් බ්රේක් පැඩ්ල් එකේ කකුල රේස්ට් එකේ තබාගෙන යනවා නම් වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව සුලු වශයෙන් හෝ අඩු කරගන්න පුළුවන්.
?? ඒ වගේම ඔබ තිරිංග සහ වේගවත් කිරීමට ගත කරන කාලය අඩු වන තරමට, ඔබ භාවිතා කරන ඉන්ධන අඩු වෙයි.
?? ඔබ දන්නවද උදේම තෙල් ගහන එකෙන් ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලා.
විද්‍යාත්මක හේතු,
? පෙට්‍රෝලියම් වල තියෙන ප්‍රසාරණය නිසා, මේක වෙන්නේ දවල් කාලයේ තියෙන රස්නය නිසා පෙට්‍රල් ස්ටේශන් වල භූගත තෙල් ටැන්කි වල තියෙන තෙල් ප්‍රසාරණය වෙන නිසා. උෂ්ණත්වය අඩු වෙද්දි තෙල්වල ප්‍රසාරණය අඩුයි. ඒ කියන්නෙ ඝනත්වය වැඩී ඒ නිසා වැඩි තෙල් ප්‍රමාණයක් එකම ලීටර් ප්‍රමාණයට ගන්න පුළුවන්.
? උදේම ෂෙඩ් එකේ තෙල් ටැංකි වල තියෙන රොඩු සහ සියුම් අපද්‍රව්‍ය තියෙන්නේ ටැංකියේ අඩියේ, ඒ තෙල් ටැංකිය රෑ පුරා පාවිච්චි වෙලා නැති නිසා කැලඹිලා තියන ප්‍රමාණය අඩුයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |