සාපෙළ විභාග නිරීක්ෂකයකු හදිසියේම ජීවිතක්ෂයට..!

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lanka Police Investigation
By Sewvandhi Jun 07, 2023 04:47 PM GMT
Report

වත්තේගම බාලිකා විදුහලේ නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එනම්,අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර අදාල ගුරුවරයා මෙලෙස අසනීප වී තිබුණි.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ කේ. ජේ. සිල්වා නැමැති 48 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරයකු බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇති බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now