බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් භාවිතය ගැන මාර්ගෝපදේශ මාලාවක්
By Sithumi
බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලික පණිවුඩ යැවීමේ යෙදුම් භාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය කටයුතු සඳහා එම යෙදුම් භාවිත කිරීමේදී අදාළ මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ඉල්ලා තිබෙනවා.
අමාත්‍යවරුන් සහ නිලධාරීන් අදාළ යෙදුම් භාවිත කර පුද්ගලික පණිවුඩ යැවීමේ දී සැලකිලිමත් වියයුතු බවට එම මාර්ගෝපදේශ සඳහන් වනවා.
එමෙන්ම කිසිවිටෙක "රහස්" ලෙස වර්ගීකරණය කරන ලද තොරතුරු එම යෙදවුම් හරහා යැවීම සඳහා භාවිත නොකළ යුතු බව නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්වෙනවා.