ජල මූලාශ්‍රයකින් ජලය ගද්දි මතුපිටින් ගන්න කියන්නේ ඇයි?
? ජලය කියන්නේ අපේ ජිවිතයේ කොටසක්නේ. ඉස්සර ඉඳන්ම මේ ජලය සමඟ පබැදුණු විවිධ මතිමතාන්දර තියෙනවා. ඒ වගේ දෙයක් තමයි, කළයට ජලය ගද්දී ජලයේ මතුපිටින් ගත්තොත් සුබයි. ගැඹුරින් ගත්තොත් අසුබයි කියන කතාව. ඉතින් අපි බලමු මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.
? ඉස්සර ජනතාව තම අවශ්‍යතාවයන් වලට ජලය ලබා ගත්තේ ඇළදොළ, වැව්, ගංගා, ළිං හෝ උල්පත් වලින්. එහිදී ඔවුන් බොන්න සහ ආහාර පිසීමට ජලය ගෙන්න යද්දී ඇළදොළ, වැව්, ගංගා, ළිං හෝ උල්පත් වලින් ජලය ගද්දී මතුපිට ජලය පාදා මතුපිට ජලය පමණයි ගත්තේ.
? ඒකට විද්‍යාත්මකව යම් සාධාරණ හේතුවක් පවතිනවා. ජලය කියන්නේ ආගන්තුක ද්‍රව්‍ය රැසක් දියවී ඇති මාධ්‍යයක්. මෙහිදී පාංශු තුළ ඇති කොපර්, යකඩ, ආසනික්, සිලිකන්, කැල්සියම්, ලෙඩ්, කැඩ්මියම් වැනි ඛණිජ ලවණ ආදි විවිධ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දියවී තියෙන්න පුළුවන්.
? එම මූලද්‍රව්‍යයන් අතරින් අයන්වලට නිශ්චිත බර ප්‍රමාණයක් පවතින අතර කැඩ්මියම්, ලෙඩ් වැනි බැර ලෝහ වර්ගද දකින්න ලැබෙනවා.ඒ අනුව බොහෝ විට මෙවැනි බැර ලෝහ ලෙස සලකන මූලද්‍රව්‍යයන් අතර අයන බරින් වැඩියි.
? මෙම අයන බොහෝ විට වැවක හෝ ජලාශයක, නිවෙසක ළිඳක පවා පතුල ආශ්‍රිතව පවතිනවා. නමුත් ජලය මතුපිට ආශ්‍රිතව අයන තියෙන්න පුළුවන් ප්‍රතිශතය අඩුයි.
? ඒ අනුව ජලය මතුපිටින් ගැනීමේදී මෙවැනි අහිතකර බැර ලෝහ ශරීරගත වීම අවමයි. ඉස්සර මිනිස්සු මේ බව දැනගෙන ඉන්න ඇති. නමුත් අද වන විට නිවෙසේ ළිඳෙන් ජලය පොම්ප කරන්නෙත් ළිං පතුළෙන්. ඒ අනුව අද අප තනිකර බොන්නේ බැර ලෝහ. ඉතින් වකුගඩු වගේ රෝගාබාධ ඇති වන එක අහන්නත් දෙයක්ද?
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |