අපි පානය කරන ජලය ගැන සමීක්ෂණයකින් හෙළිවූ භයානක හෙලිදරව්ව...

Agriculture Water And Action For Rural Development Water Cut Water
By Sithumini Aug 02, 2024 06:44 AM GMT
Report

ජලය කියන්නේ අපට අත්‍යවශ්‍යම දෙයක්. කෙසෙව්වෙතත් මෙරට ජනග්‍රහණයෙන් වැඩි පිරිසකට එනම් 67%කට ආරක්ෂිත ජල පහසුකම් නොමැති බව අනාවරණ වී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත්තේ ආයතන කිහිපයක් එක්ව ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකළ සමීක්ෂණයකදි.

ඒ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනයයි.

මේ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළා.

මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ මෙරට දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින්.

හැකිතාක් ජලය උණු කර පානය කිරීමෙන් විය හැකි හානිය අවම කරගැනීමට හැකියාව පවතිනවා.