අද සිට හැමෝම උදේට මේදේ අනිවාර්යයෙන් කරන්න..ඔබට සිදුවන දේ සිතාගන්නවත් බැරි වෙයි...

Sri Lanka
By Aruna Sep 26, 2022 11:16 PM GMT
Report

කයිනාද කුදර්හේ පානීයං ජල නීරෝගා’ ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු නිරෝගී දිවියක් සඳහා ජලය පානය ගැන සඳහන් කර ඇත.

අපගේ ජීවිතයේ උපතේ සිට මරණ මොහොත දක්වා ජලය අවශ්‍ය ය.

මව් කුසෙහි දස මසක් සිටින්නේ ද ජල තරලයක් මත ය.

මව් කුසින් මෙලොවට බිහිවන්නේ ද එම ජලය පිරි පටලය බිඳ දමාගෙන ය.

එසේ උපත ලබන දරුවා තම ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළන විට ද ඉල්ලන්නේ ජලය බිඳකි.

එනිසා ජලය යනු අපට නැතිවම බැරි පෝෂණ ද්‍රව්‍යයකි.

එම ජලය දිනකට බෝතල් හතරක්වත් පානය කළ යුතුය.

එසේ පානය කිරීමෙන් සිරුරට ලැබෙන ගුණය මගින් සිරුරේ සියලුම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය මනාව සිදුවේ.

දිනකට ජලය පානය කරන අයුරු උදෑසන අවදි වූ විට හිස් වූ කුසට පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීමෙන් හොඳින් එය ආමාශය, බඩවැල් දිගේ ගමන් කරයි.

ඉන්පසු එය වකුගඩු ඔස්සේ මුත්‍රා මාර්ගයට පැමිණ මුත්‍රා ලෙස පිට වේ.

ඒ දක්වා සිරුර පුරා ජලය ගමන් කරන විට රෑ නින්ද නිසා අඩපණව තිබූ රුධිර ගමනාගමනය ක්‍රියාකාරී වේ. රාත්‍රිය පුරා හිස්ව තිබූ ආමාශය පිරී යයි.

එවිට එහි පිරී ඇති ආමවාතය ඉවත් වේ. මුත්‍රාශය හිස්ව තිබීම නිසා එහි පැවැති වියළි බව වකුගඩුවලින් පෙරී එන ජලය මුත්‍රා ලෙසින් පිරීයෑම නිසා තෙත් වේ.

ඉන් පසු මුත්‍රා ලෙස පිටවන්නේ සිරුර තුළ රැඳී තිබූ අපද්‍රව්‍ය ද සමඟය. උදෑසන ජලය පානය නිසා මළපහ පිටවීම ද පහසු වේ.

එනිසා මළබද්ධය ඇතිවීම නැතිවේ. ඉන්පසු ජලය පානය කළ යුත්තේ උදෑසන ආහාර ගැනීමට පැය භාගයකට පෙර සහ ආහාර ගත් පසුය.

දිවා සහ රාත්‍රි ආහාරයට පෙර ද මෙලෙස ජලය පානය සහ ආහාර ගත් පසු ද ජලය පානය කළ යුතුය.

ප්‍රධාන ආහාර වේල් තුන ගැනීමට පෙර සහ ආහාර ගත් පසු ජලය පානය මෙන්ම ඒ අතර කාලයේ දී ද වතුර වීදුරුවක් පානය කළ යුතුය.

අපට තිබහ ඇතිවන්නේ සිරුරේ ජලය අඩු වූ විට දීය. එනිසා තිබහ ඇතිවන විටදීම ජලය වීදුරුවක් පානය කළ යුතුය.

ජලය පානයෙන් නිරෝගී වන අයුරු අපගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් ඇත්තේ ජලයයි.

එය තරලයක් ලෙස පවතී. නිසි ලෙස ජලය පානය මගින් රුධිර පීඩනය අධික ලෙස ඉහළ යෑම පාලනය වේ.

සම පැහැපත් වේ. වකුගඩු ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. මුත්‍රාශයේ විෂබීජ හට ගැනීම පාලනය කරගත හැකිය.

රුධිර පීඩනය පාලනය වීම නිසා හෘදයාබාධ ඇතිවීම වළක්වා ගත හැකිය. ස්නායු ක්‍රියාකාරීත්වය කාර්යක්‍ෂමව පවත්වා ගත හැකිය.

මානසික පීඩාවකදී ජලය වීදුරුවක් සෙමින් පානය මගින් පවතින මානසික පීඩනය ද පාලනය කර ගත හැකි බව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත.

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය,

සෙම් රෝග සහ ආතරයිටීස්,

පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery