පැය 12ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Water Cut Water Board Water
By krishani Feb 18, 2023 06:12 AM GMT
Report

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 21 වනදා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කැළණිය - ප්‍රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදු කරන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ය.

ඒ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවළපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව සහ මරදාන පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන අතර මීට අමතරව හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නවපාර, පාදිලියාතුඩුව පාර මෙන්ම දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ද ජල සැපයුම අත්හිටුවනු ලබයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join